Thursday, July 17, 2014

අම්මා නැති දා

ගෙදර බුදුන් වූ අම්මා නැති විය
එපා කුරුල්ලනි ගීත ගයන්නට
මල් පිබිදෙන් නැහැ සමනලින් නැහැ
ගේ මිදුලත් අද හරි පලුයි .........

අම්මා ගැවසුණු බුදු කුටියේ අද
දැල් වෙන පහනේ එලිය මදයි
අම්මා නුඹ අප හැරගිය දා සිට
ලිප ගිනි මෙලවෙනවාද අඩුයි .........

බත්පත දෝතට දෙන්න කෙනෙක් නැහැ
අප සිත් ශෝකෙන් හඬා වැටෙයි
ගෙට මිණි පහනක් විලස වූ අම්මේ
නුඹ ගියදා සිට ගෙය අඳුරුයි ..........

අඳුර මකන්නට මදහස දෙන්නට
අද හෝ හෙට නුඹ එතැයි කියා
හිරු නැගෙනා විට පැතුම් පුරාගෙන
අප නෙත් සිත් සම මගට දිවෙයි ........

මොහොතින් නෙත් කඳුලින් පුරවා ගෙන
පතමි සිතින් පැතුමන් මෙලෙසින් 
ලේ කිරි කරදී අප රැකි අම්මේ
බුදු වේවා මතු සනසාරේ ...........

(නවලිය ප්‍රතිභා ප්‍රභා හි පලවිය) 




No comments:

Post a Comment