සංවාද
කවිය ද එහිම අංගයක් හැටියට වැඩීගිය අයුරක් දක්නට ලැබේ. අප රටේ සංවාද කවි පොදු
ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියව පැතිර ගොස් ඇත්තේ 18 වෙනි සියවසේ මුල් කාර්තුව තෙක් පමණකැයි සිතිය හැකිය . කවි ශක්තියෙන් පරිපෝෂිත
සුළු පිරිසකුත් යම්තම් හැකියාව ඇති කවීන් වැඩි පිරිසකුත් කියූ සංවාද කවි රැසක් නූතන ජන කවි සාහිත්‍යට ඇතුලත් කොට ඇත . මේවා
වැඩි කොටසක් මහනුවර හා රුහුණු යුගයට අයත් වේ. මේ එවක් සංවාද කවි කිහිපයකි .
- මහනුවර යුගයේ සිංහල රජුගේ කවිකාර මඩුවේ තරගයකදී කැකිරි ගොඩයාගේ මුවින් මෙසේ කවියක් ගිලිහුණේය .
ඇතුල්
පැත්ත පිට පැත්ත නොදන්නා
කිතුල් පිත්ත
උඩ පියවර මැන්නා
උකුල්
ඇටෙත් උගේ එලියට පැන්නා
එහෙව්
එකත් කවි කීමට එන්නා
- ඊට ක්ෂණික පිලිතුර
මුට මුගේ
මව් බඩ ගැබ්බ්රින් සිටි කල එදිනේ
රැට
කැකිරි ගෙඩියක් උයා කුසගින්නට කාපු තැනේ
ඊට බඩේ
රුජා පැහැර මේකා උත්පාද උනේ
මුට ඒක
තමයි කැකිරිගොඩ නම හාමුදුරුවනේ
- වෙදකමින් සුවය නොලැබී ලෙඩෙක් මළේය. මෙයින් කෝපවූ ළඟ සිටි ඇවැස්ස නැයෙක් වෙද රාළට මෙසේ කීය.
තව
වෙදකම් නොකර ඉන්න
බැඳලා
ගනිමු මූ මරන්න
- මෙයින් බියට පත්වූනේ වෙදරාල නොවේ. සුදුසු යමක් කිරීමේ හුරුබුහුටි ඔහු
ගිය පණ
වත් ගෙන්නගන්න
වරා කිරෙන්
දෙමු බලන්න
- යනු කියමින් බෙහෙත් ගුලියක් මඩිස්සලෙන් එලියට ඇද්දේය මෙයින් විශ්මයට පත් නෑදෑයෝ වරා කිරි සෙවීමට ඒ මේ අත දිව්වෝය. ඔයින් මෙයින් ඉඩකඩ පෑදුනුවේද රාල වහ වහා ගෙදර ගොස් පණ බේරා ගත්තේය
No comments:
Post a Comment