Thursday, July 17, 2014

ජීවිතේ දැනෙනවා












හිරු එළිය බින්දුවක් එන්නැති
හිතේ හිර ගෙදරට
ඔබ ඇවිත් හෙමින් මුමුණන කොට
ජීවිතේ දැනෙනවා ...... සත්තමයි
ජීවිතේ දැනෙනවා ......
                           මට මහගොඩක් .

මේ හැටිම ආදරයක් අරගෙන
හිත ඇතුළට ඔබ ඇවිත්
හිනාවෙවී මුමුණන කොට
ආදරය නොකර ඉන්නේ
                            මං  කොහොමද ?.

 හිතනවට වැඩිය මහා ගොඩක්
                             ආදරේ
තියෙනවා මගේ ළඟ
ලං නොවූණත් ලං වුණා වගේ
දැනෙනවා මට ඔබේ
                             ආදරේ ............

No comments:

Post a Comment