දරු පෙමට හඬමින්
මහා සයුර ඉසිලන්න
වලිගයෙන් දිය ඇද්ද
ලේනියකි පෙර කලෙක .........
මළ පුතුට පන දෙන්න
සොයා අබ ඇට මිටක්
ගෙයින් ගෙට ඇවිද ගිය
කිසාගොතමියක් විය එකල
.............
දස පාරමී දම් පුරා
වෙසතුරු මහ රජුන්
දරුන් දන් දුන් දවසේ
මන්ද්‍රි දේවිය හඬා වලපී
ගැයූ දුක් ගී තව අසෙද්දී
..............
පතා දරු උණුසුමක්
දෙව් මැදුරේ පන්සලේ කෝවිලේ
යාග පුද පඩුරු දී
සිහිනයෙන් නැළවිලි ගී ගයද්දී
...........
තම රුහිරු කිරි කරලා
පොවා රැය නිදි මරා
හැදු වැදු දෑතින්ම
පුතුගේ ගෙල සිර කරන්නට
කුරිරු වුයේ කිමද
නුඹේ සිත ............
No comments:
Post a Comment