Thursday, July 14, 2016

පේ‍්‍රමය සතුට ඇත්තේ කොතනද?

එක්තරා නගරයක මාටින් ඇව්ඞ්ව් නම් සපතේරුවෙක් වාසය කලේය, ඔහු පදිංචි ව් සිටියේ පැරැණි ගොඩනැගිල්ල්ක යට මාලයේ පිහිටි කුඩා කාමරයකය. මාවත දෙසට විවෘත කළ කුඩා ජනේලයක් එහි විය . එම ජනේලයෙන් ඔහුට දැක ගත හැකි වුයේ පාරේ ගමන් කරන්නන්ගේ දෙපා පමණකි. මාටින් ඔවුන් බොහෝ  දෙනෙක් හදුනා ගත්තේ පැළඳ සිටි පාවහන් වලිනි . එ් , එම පාවහන් බොහොමයක් ඔහු විසින් අලූත් වැඩියා කරන ලද එ්වා නිසාය . වැඩි මුදලක් නොගෙන සිය කාර්යය හොඳින් ඉටු  කළ නිසා සපත්තු මස්සවා ගැනීමට වැඩි දෙනෙක් පැමිණියේ මාටින් වෙතය .
වසර ගණනාවකට පෙර බිරිඳත් දරුවනුත් ඔහු තනිකර මිය ගොස් සිටි හෙයින් මාටින් පසු වුයේ මහත් වේදනාවෙන් හා පාළුවෙන් යුතුවය. සියළු බලාපොරොත්තු සුන් කර ගෙන සිටි ඔහු මේ පිළිබදව දෙවියන් වහන්සේට  දොස් නගන්නට විය . එක් දිනක් මාටින්ට බොහෝ කාලයකට පෙර දැන හදුනා ගත් හිතවතෙක් හමු විය . තම සිතේ පවතින වේඳනා ,පාලූව තනිකම මාටින් ඔහුට හෙළි කළේය  මට දැන් අනාගතයක් නැහැ . මට තව ජිවත් වෙලා වැඩක් නැහැ කියල වෙලාවකට හිතෙනවා .......
යාළුවා ඔය බලාපොරොත්තු සුන්වීම ඇති වෙලා තියෙන්නෙ වෙන් කිසි දෙයක් නිසා නෙමෙයි . ඔබ ආත්මාර්ථකාමිි නිසයි . ක‍්‍රිස්තුස් වහන්සේ ගෙ ධර්මය කියවන්න . ඔබ ජීවත් විය යුත්තේ කෙසේද?.  කුමක්  සඳහා ද යන වග ඔබට එයින් අවබෝධ කර ගත හැකි වේවී .
මාටින් එදිනම දේවස්ථාන භුම්යේ ඇති පොත් වෙළද සැලෙන්  ශූද්ධ බයිබලයක්  මිළට   ගත්තෙය. මුලින්ම ඔහු අදහස් කළේ ආගමික වශයෙන්  වැදගත් දිනවල පමණක් එය කියවීමටය. එහෙත් කියවීම ආරම්භ  කළ විට ඔහු ගේ සිතට කොතරම් සැහැල්ලූවක් , සැනසීමක්  ඇති වුයේ  ද යත් දිනපතාම එය කියවීමට ආශාවක්  ඇති විය .
එක් රාත‍්‍රියක එහි වු ශුද්ධවර ලූක් තුමා ගෙ සුවිශේෂයේ 7: 30 -50  ’පවිටු අඟනකට සමාව ’  නම් කොටසේ සඳහන් එක් පරිසිවරයෙක් තමා සමග කෑම කන පිණිස ජේසුස් වහන්සේට සිය නිවසට පැමිණෙන ලෙස ආරාධනා කිරිම්  පිළිබද කතාව කියවම්න් සිටියේය. පරිසිවරයා ජේසුස් වහන්සේ සමග  කෑමට හිදගත් සේක . එ් අතර එ් නුවර විසු පව්කාර ස්ත‍්‍රියක් ජේසුස් වහන්සේ පරිසිවරයා ගේ ගෙදර  කෑමට වැඩහුන් බව දැනගෙන සුවඳ විලවුන්  පිරුණු කිරි ගරුඩා කරඩුවක් රැුගෙන එතැනට විත් ඇ  ජේසුස් වහන්සේ පිටු පසින් පාමුල හ`ඩ හඬා උන්වහන්සේ ගේ පාද තම කදුළෙන් තෙමන්නට පටන් ගෙන ඇගේ හිස කෙස් වලින් පීස දමා , උන්වහන්සේ ගෙ පාද සිඹ සුවද විලේපනයෙන් ආලේප කළාය මෙවිට ජේසුස් වහන්සේ  ස්ත‍්‍රිය දෙසට හැරි පරිසිවරයාට කතා කොට
මේ ස්ත‍්‍රිය  ඔබට පෙනෙනවා නොවේද? .. මම ඔබේ ගෙදරට ඇතුල් වුයෙම් .ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහිය. එහෙත් මැ සිය කඳුළෙන් මාගේ පාද තෙමා සිය  හිස කෙස් වලින්් එ්වා පිස දැමුවාය ඔබ මා  සිඹීමෙන් වත්  පිළි ගත්තේ නැත එහෙත් මැ මා ආ වේලේ පටන් මාගේ පාද  සිඹිම නතර නොකළාය.  ඔබ මාගේ හිසෙහි තෙල් ආලේප නොකෙළෙහිය. එහෙත් මැ මාගේ පාද සුවඳ  විලේපනයෙන් ආලේප කළාය.
මාටින් කල්පනා කරන්නට විය. එ් පරිසිවරයාත් මා වගේ කෙනෙක් විය යුතුය . ජේසුස් වහන්සේ මගේ නිවසටත් වැඩියහොත් මාත් හැසිරිය යුත්තේ එලෙසින් ද ?.
මේ ගැන සිතමින් ඔහු මේසය මත හිස තබා ගත්තේය. මොහොතකින් ඔහුට නින්ද ගියේය . කිසියම් ශබ්දයක් ඇසී ඔහු තිගැස්සි අවදි විය. එහෙත් එහි කිසිවෙක් නොවීය. මෙවිට කිසිවෙක් මෙසේ පවසනු ඇසිණි,
’මාටින් මඟ  බලා සිටින්න ,මම ඔබ හමු වීමට  පැමිණෙන්නෙමි .......
 පසු දින පාන්දරින්ම අවදි වු මාටින් සිය උදැසන ආහාර සදහා ගෝවා සහ සුප් හා පාන් ටොස්ට් පිළියෙල කළේය. ඉන් පසු එ්ප‍්‍රනය තම ඇඳුමට උඩින් ඇද ගෙන සපත්තු මැසීම සඳහා ජනේලය අසල වාඩි විය.පෙර දින රාත‍්‍රිය ගැන් සිතමින් ඔහු විටින් විට පාර දෙසට නෙත්  යොමු කළේය තමාට නුහුරු පාවහන් යුගලක් දුටු විට එය හිමි තැනැත්තා ගේ මුහුණ දැක ගැනීම සදහා හිස එසවුයේය.
නිවාස මුරකරුවෙක් හා ජලය ගෙන යන්නෙක් ජනේලය පසුකර ගියේය. ටික වේලාවකට පසු යාබඳ වෙළඳ සැලක සේවකයෙක් වු ස්ටෙප්නිච් නම් වයසක මිනිසෙක් ජනේලය ඉදිරිපස පාරේ වැටි තිබු හිම ඉවත් කරන්න විය . මොහොතක් ඔහු  දෙස බලා සිටි මාටින් නැවත සිය කාර්යයෙහි නිරත වන්නට විය.
මඳ වේලාවකට පසු හිස ඔසවා පාර දෙසට දැස් යොමු කල ඔහු දුටුවේ ස්ටෙප්නිච් සවලය තාප්පයට හේත්තු කර විඩා සංසිදුවා ගන්නා ආකාරයය. තම කාර්යය මොහොතකට නතර කර දොර වෙත ගිය මාටින් ...
’යාළුවා ඇතුළට ඇවිත් වාඩි වෙලා ටිකක් උණුසුම් වෙන්න. ඔබට සිතල ඇතිනෙ ...යි පැවසුවේය.
’ඔබට දෙවි පිහිටයි ...’. පැවසු ස්ටෙප්නිච් තම කබායේ හිම ගසා දමම්න් හා දෙපා පිස දමම්න් කාමරයට ඇතුල් විය . මෙවිට පය පැටලි වැටෙන්නට ගියෙන් දොර උළු අස්ස අල්ලා ගෙන හිට ගත්තේය . 
.... හා ...හා බලාගෙන ඔහොම වාඩි වෙන්න.. අපි තේ ටිකක් බොමු..’  පැවසු මාටින්  තේ පෝච්ච්යෙන් විදුරු දෙකකට තේ වත් කර එකක් ස්ටොප්නිච් අතට දුන්නේය
තේ විදුරුව එක හුස්මටම හිස් කළ ඔහුගේ මුහුණෙන් දිස් වුනේ එය  ප‍්‍රමාණවත් නොවන බවය. මාටින් විදුරුව නැවතත් තේ වලින් පිරවුයේය.  එ් අතර   මාටින් මහත් සැලකිල්ලෙන් යුතුව පාර දෙස බලා සිටිනු දුටු ස්ටොප්නිච් .
’ඇයි ඔබ කවුරු හරි එනතෙක් ද බලා සිටින්නේ යි විමසිය.
ජේසුස් වහන්සේ පරිසිවරයෙකු ගේ නිවසට ගිය වේලාවේ ඔහු උන්වහන්සේව ගෞරවයෙන් පිළිනොගැනීම පිළිබඳව කතාවක් මම ඊයේ රාත‍්‍රියේ කියවමින් සිටියා . මට එවැනි අවස්ථාවකට මුහුණ පාන්න සිදුවුවහොත් හැසිරෙන්න  ඕනැ කොහොමද කියන එක ගැන  කල්පනා කරමින් නිදි කිරා වැටෙන්න වුණා. හෙට මග බලා සිටින්න ..මම ඔබ හමුවීමට පැමිණෙමි .  කියා එතකොට කවුද කියනවා මට ඇහුණා
මෙයට කන් දෙමින් සිටි ස්ටොප්නිච්  ගේ දැස් වලින් කදුළු ගලා හැලෙන්න විය.
’මාටින් ඔබට බොහොම ස්තුතියි. ඔබ මගේ ආත්මයටත් කයටත් සැනසුම ලබා දුන්නා යි. පවසා ඔහු පිටව ගියා.
මාටින් නැවතත් සපත්තු මහන්නට පටන් ගත්තේය මද වෙලාවකට පසු පිටතට දෑස් යොමු කරන විට ගෙවුනු පාවහන් පැළදි කාන්තාවක් ජනේලය අසල සිටිනු දුටුවේය. වැරැුහැලි ඇඳ සිටි ඇය අත කෙසඟ සිරුරකින් යුත් බිළිඳෙක් ද විය. හමා එන තද සුළෙඟන් බිළි\ ආරක්ෂා කර ගැනීම  සඳහා ප‍්‍රමාණවත් ඇදුම් ඇය සතුව නොතිබිණි . දොර වෙත ගිය මාටින් ඇය නිවස තුළට කැඳවුයේය.  ඇයට පාන් හා සුප් පිළි ගැන්වු  ඔහු
’මෙහෙන් වාඩි වෙලා මේ කෑම ගන්න. ටිකක් උණුසුම් වෙන්න’ යි පැවසුවේය.
කෑම ගන්න අතරතුර කාන්තව තමන් පිළිබඳ තොරතුරු මාටින්ට විස්තර කළාය.
’මගෙ මනුස්සයා සෙබලෙක් මීට මාස හත අටකට ඉස්සරලා එයාට දුර පළාතක සේවයට යන්නට සිද්ධ වුණා. ඊට පස්සෙ එයා පිළිබඳව කිසි තොරතුරක්  ලැබුනෙ නෑ. මට දැන් ජිවත්  වෙන්න විදිහක් නැතුවයි ඉන්නේ . කෑම ගන්න  මට තිබිච්ච් හැම දෙයක්ම මට විකුණන්න සිද්ධ වුණා. ඊයේ මා ළඟ තිබිච්ච් අන්තිම පොරෝනයත් උගසට තිබිබා....’
ගෙයි තිබු පොරෝනයක් ඇයට දුන් මාටින් මේක පරණ එකක් වුණත් ඔබේ දරුවාව උණුසුම්ව තබා ගන්ඩ ප‍්‍රමාණවත්  වේවි...’ කිවේය.
හ`ඩමින් එය අතට ගත් කාන්තව ඔබට දෙවියන් ගෙ පිහිටයි පැවසුවාය. මඳ සිනාවක් පෑ මාට්න් තමා දුටු සිහිනයත්, තමා අපේක්ෂාවෙන් සිටින අය පිළිබඳවත් ඇයට කිවේය.
’’  කවුද දන්නෙ ඉතිං අපි බලාපොරොත්තු නොවන  ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්...යැයි ඇය පැවසුවාය. අනතුරුව තමා හා දරුවාගේ සිරුර වැසෙන සේ පොරෝනය පොරවා  ගෙන් ඇය සමු ගැනීමට සුදානම් වන විට ..
....ආ මේ සල්ලි දිලා ඔබේ පොරෝනය උගසෙන් බේරා ගෙන ඉතිරිවාට කෑම බිම ගන්න.. යි කියමින් ඔහු ඇය අත මුදලක් තැබුවේය.
නැවතත් ඔහු වාඩි වි සිය කාර්යයේ නිරත වන්නට විය. ජනේලය මත ජායාවක් වැටුණු හැම විටම ඔහු හිස ඔසවා බැලූවේය. ටික වේලාවකට පසු කූඩයක ඇපල් දමා ගෙන විකුණන වයසක කාන්තාවක් ඔහු දුටුවේය. ඇය පිට මත ද බර ගෝනි මල්ලක් එල්ලා ගෙන සිටි අතර එය බිම තැබිමට ඇය උත්සහා ගනිමින් සිටියාය. පළමුව ඇය අත වු ඇපල් කූඩය බිම තබනවාත් සමගම  ඉරුණු තොප්පියක් පැළැද සිටි කොලූ ගැටයෙක් ඉදිරියට පැන ඇපල් ගෙඩියක් සොරා ගෙන දුවන්නට තැත් කළේය. එවිට කාන්තාව ඔහුගේ කෙස් වලින් අල්ලා ගත්තය.කොලූවා කෑ ගසන විට ඇය ඔහුට බැණ වදින්නට වුවාය. මාටින් චහා එතැනට දිව ගියේය. කොලූවා පොලිසියට බාර දිය යුතු යැයි කාන්තාව පැවසු විට
 ’අනේ ආච්චි ඌට යන්ඩ දෙන්න . පොඩි කොල්ලෙක්නෙ .... දෙවියන් වහන්සේගෙ නාමයෙන් ඌට සමාව දෙන්ඩ . යැයි මාටින් ඇගෙන් ඉල්ලීය.
වයසක කාන්තව මෙවිට ඔහුව අත් හැරියේය.
...‘ දැන් ඉතිං ආච්චි අම්මා ගෙන් සමාව ගනින්.  යයි  මාටින් කොලූවාට කිවේය. අඩන්නට වු කොලූවා ඇගෙන් සමාව ගත්තේය.
කූඩෙන් ඇපල් ගෙඩියක් ගෙන කොලූවාට දුන් මාටින් ...ආච්චීයේ මං එ්කට සල්ලි දෙන්නම් ...යයි  කිවේය.
මේ තක්කඩියට ඇපල් නොවෙයි කස පාර දෙන්ඩ  ඕනෑ ..යි වයසක කාන්තාව කීවාය.
’එ්ත් ආච්චීයේ ඇපල් ගෙඩියක් සොරකම් කළ වරදට මේ පොඩි කොලූවාට කස පාර දෙන්ඩ  ඕනෑ නම් අපි කරන පව් වලට අපිට මොනවා කරන්න වටිනවද දෙවියන් වහන්සේ අපිට සමාව දෙනවා වාගේ අපිත් අනිත් අයට සමාව දෙන්ඩ  ඕනෑ. එ් බාලයා හිතල මතල කරපු සොරකමක් නොවෙයි නේද.. අපි ඌට සමාව දෙන්න  ඕනෑ...
එ්ක හැබැව. එ්ත් දැන් කාලෙ හැදෙන එවුන් එන්න එන්නම හරක් වෙනවා.
ඇය බිම තිබු ගෝනි මල්ල පිටට ගැනීමට තැත් කරන විට ඉදිරියට පැන්න කොලූවා
’ඉන්න ආච්චීයේ මං  ඕක ආච්චීට ගෙනිහින් දෙන්නම් ... මාත් යන්නේ ඔය පැත්තටම තමයි ...’කිවේය.
ගෝනිය කොලූවාට ඔසවා ගෙන යැමට ඉඩ දි ඇය ඔහුත් සමග ගමන් කරන්නට වුවාය. මාටින් සිය කාර්යයෙහි නිරත වන්නට විය.සැන්දැ අදුර පැතිරි යාමත් සමගම සම්වල සිදුරු තුළින් ඉදි කටුව යැවීම අපහසු බව පෙනී ගියෙන් බඩු මුටිටු අස් කළ මාටින් පහනක් දල්වා මේසය මත තැබුවේය. ඉන්පසු රාක්කයේ ඉහළින්ම තබා තිබු  ශුද්ධ බයිබලය ගෙන මේසය මත තබා දිග හැරියේය. ඔහුට අවශ්‍ය කළේ කලින් දින නතර කළ තැන සෙවීමටය.  එහෙත් ...පෙරළුනේ වෙනත් පිටුවකි.
මෙවිට මාටින්ට අඩි ශබ්දයක් ඇසුණෙන් ආපසු හැරි බැලූවේය. කිසිවෙක් මෙසේ පවසනු ඔහුට ඇසිණි.
’මාටින් ඔබ මාව අදුනන්නේ නැද්ද..?
ඔබ කවුද....? මාටින් විමසුවේය.
’එ් මමය ..’     කට හ`ඩ පිළිතුරු දුන්නේය.
කාමරයේ අදුරැු මුල්ලකින් ස්ටොප්නිච් මතු වුයේය. සිනාවක් පෑ ඔහු වළාකුලක් සේ හදිසියේ නොපෙනි ගියේය.
එ් මමයි ...’ යළිත් ඔහුට කට  හඞක් ඇසිණ්. බිළිදා වඩා ගත් කාන්තාව ඔහු ඉදිරියේ පෙනී සිටියාය.ඇයත් බිළිදත් ඔහුට සිනාසී නොපෙනි ගියේය
‘එ් මම  .. නැවතත් ඔහුට කට හඞක් ඇසිණි මෙවිට ඔහු ඉදිරියේ පෙනී සිටියේ ආච්චීත් ඇපල් සොරා ගත් කොලූ පැටියාත්ය. ඔවුන් දෙදෙනාත් මාටින්ට  සෙනෙබර සිනාවක් පා නොපෙනී ගියාය.
මාටින්ට විශාල  සතුටක් දැනෙන්නට විය.  ශුද්ධ බයිබලයේ පෙරළු පිටුව ඔහු කියවන්නට විය. පිටුවේ මුලින්ම මෙසේ සදහන්ව තිබිණි.
’‘ මම සාගින්නෙන් පසු වුණෙමි. නුඹ මට ආහාර දුන්නෙහිය. .. මම පිපාසයෙන් පසු වුණෙමි. නුඹ මට පානය කිරිමට යමක් දුන්නෙහිය, මම අමුත්තෙක් වුයෙමි.නුඹ මා නිවස තුළට කැඳවා ගත්තෙය . වස්ත‍්‍ර නැතිව සිටියෙමි .ඔබ මට වස්ත‍්‍ර දුන්නෙහිය’’
පිටුව අවසානයේ මෙසේ සදහන්ව තිබිණි.
නුඹ මගේ සහෝදර සහෝදරියන්ට යමක් කළේ ද එය මට කළ දෙයක්ම වේ. ගැලවුම්කාරයාණෝ එදින තමා හමුවට පැමිණි බවත් , තමා උන්වහන්සේව සාදරයෙන් පිළිගත් බවත්  මාටින්ට අවබෝධ විය.

    රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි  1885 ලියන ලද ”Where love is”    නම් කෙටි කතාවේ පරිවර්තනයකි.
                              රෝහිණී කුමාරි මුවන්දෙනිය.                           

No comments:

Post a Comment