Friday, April 21, 2017

වැඩ නොකරන බිරිඳ.....

එල් සැල්වදෝරයේ පවුල් සංවිධාන සංගමයේ ආචාර්ය රෝසා ඩිස්නරෝස් ඇග්විලර් මහත්මිය ගම්බඳ පුහුණු මධ්‍යස්ථානයකදි කෘෂිකාර්මික කම්කරුවෙකු සම්මුඛ සාකච්ජාවකට ලක් කළාය. එම සාකච්ජාව අද මම ඔබට ගෙන හැර දක්වනවා.

ඔබට දරුවන් ඉන්නවාද..? යි ආචර්ය රෝසා මහත්මිය ඇසුවා.
ඊට කම්කරුවා මෙසේ පිළිතුරු දුන්නේය
"අනේ මට දේව කරුණව නැති හැටි බලන්න. මට දරුවො දහසය දෙනෙක් උපන්නට මොකද ජිවත්ව ඉන්නෙ නව දෙනයිනේ."
       
ඔබේ බිරිඳ වැඩ කරනවද...?
"නෑ එයා වැඩ කරන්නේ නෑ. එයා ගෙදර ඉන්නවා".

එහෙමද කොහොමද එයා ඉතිං දවස ගත කරන්නේ....
එයා උදේ පාන්දර හතරට නැගිටල වතුර ගෙනල්ල දර හොයාගෙන ඇවිල්ල ලිප පත්තු කරල උදේ කෑම  ටික උයනව. ඊට පස්සෙ එයා ගඟට ගිහිල්ල රෙදි ටික අපුල්ල ගෙන එනවා. ඊට පස්සේ ටවුමට ගිහිල්ලා ධාන්‍ය අඹර ගෙන අපට ඕනෑ කරන අඩුවැඩිය ටිකත් කඩ මණ්ඩියෙන් අරං එනවා ඊට පස්සේ එයා දවල්ට කෑම ටික උයනවා....

ඔබ දවල්ට ගෙදර එනව, එහෙමද?
නෑ නෑ එයා මගේ කෑම ටික මට කුඹුරට ගෙනල්ල දෙනව. ගෙදර ඉඳල වැඩි දුරක් නෑ කිලෝ මීටර තුනක් විතරනේ

ඊට පස්සේ
ඇයි ඉතින් එයාට කිකිළියොයි ඌරොයි බලා ගන්න තියෙනවනේ... මුළු දවසම වාගේ ඉතිං ළමයි ටික බලා ගන්නත් එපායැ. ඊට පස්සේ එයා මං එනකොට රෑ කෑම ටික උයල පිහල ලෑස්ති කරල තියෙනවා.

රෑට කෑවට පස්සේ ඉතිං එයා නිදා  ගන්නවද 
නෑ මම නං කාපු හැටියෙම නිදා ගන්නව. එයාට රෑ නවය දහය විතර වෙනකල් ඉතිං ගෙදර වැඩ තියෙනවනේ...

එහෙනං ඔබ කිව්වේ ඔබේ බිරිඳ වැඩ කරන්නේ නෑ කියල 
නෑ ඒකනේ මං කිව්වේ එයා ගෙදර ඉන්නව කියල

( හරි අපූරුයිනේ )

5 comments: